r/lankawa • • Mar 31 '26

📢 නිවේදන රෙඩිට් නීතීන් ගැන සුහද මතක් කිරීමක්!

11 Upvotes

මේ reddit නීති වල සංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි (ජෙමිනි විසින්): https://redditinc.com/policies/reddit-rules:

සෑම ප්‍රජාවක්ම පාලනය කරන නීතිවලට ඉහළින් රෙඩිට් නීතීන් ඇත. මෙම නීති ක්‍රියාත්මක කරනු ලබන්නේ පරිපාලකයින් (admins) වන reddit.com විසිනි.

රෙඩිට් සහ එහි ප්‍රජාවන් යනු අප එක්ව නිර්මාණය කරන දෙය පමණක් වන අතර, ඒවා පැවතිය හැක්කේ අප හවුලේ බෙදාගත් නීති මාලාවක් අනුව ක්‍රියා කළහොත් පමණි. මෙම නීතිවල අකුරට පමණක් නොව, එහි හරයටද අනුකූල වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

නීති

  • 1 වන නීතිය: මනුෂ්‍යත්වය මතක තබා ගන්න. රෙඩිට් යනු ප්‍රජාව සහ බැඳීම නිර්මාණය කිරීමට ස්ථානයක් මිස, කොන් වූ හෝ අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට පහර දීමට ඇති ස්ථානයක් නොවේ. හිරිහැර කිරීම්, තර්ජනය කිරීම් සහ ප්‍රචණ්ඩත්වයේ තර්ජනවලින් තොරව රෙඩිට් භාවිතා කිරීමට සැමට අයිතියක් ඇත. ප්‍රචණ්ඩත්වය උසිගන්වන හෝ අනන්‍යතාවය හෝ අවදානමට ලක්විය හැකි බව පදනම් කරගෙන වෛරය ප්‍රවර්ධනය කරන ප්‍රජාවන් සහ පරිශීලකයින්ව තහනම් කරනු ලැබේ.
  • 2 වන නීතිය: ප්‍රජා නීතිවලට අනුකූල වන්න. ඔබට පුද්ගලික උනන්දුවක් ඇති ප්‍රජාවන්හි අව්‍යාජව සහභාගී වන්න, සහ රෙඩිට් ප්‍රජාවන්ට බාධා කරන අනවශ්‍ය පණිවිඩ යැවීම් (spam) හෝ කඩාකප්පල්කාරී හැසිරීම් වල නිරත නොවන්න.
  • 3 වන නීතිය: අන් අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. උදාහරණයක් ලෙස යමෙකුගේ පුද්ගලික හෝ රහස්‍ය තොරතුරු හෙළි කිරීම මගින් හිරිහැර කිරීම් උසිගැන්වීමට අවසර නැත. යමෙකුගේ අවසරයකින් තොරව ඔවුන්ගේ සමීප හෝ ලිංගිකව පැහැදිලි මාධ්‍ය (sexually-explicit media) පළ කිරීම හෝ පළ කරන බවට තර්ජනය කිරීම කිසිවිටෙකත් නොකරන්න.
  • 4 වන නීතිය: බාලවයස්කරුවන් සම්බන්ධ ලිංගික, අපයෝජන හෝ ලිංගික හැඟීම් අවුස්සන අන්තර්ගතයන් බෙදාගැනීම හෝ බෙදාගැනීමට දිරිගැන්වීම නොකරන්න. බාලවයස්කරුවෙකු සම්බන්ධ ඕනෑම ගොදුරුකාරී හෝ නුසුදුසු හැසිරීමක් ද සපුරා තහනම් වේ.
  • 5 වන නීතිය: අව්‍යාජ වන්න. ඔබට ඔබේ සැබෑ නම භාවිතා කිරීමට අවශ්‍ය නැත, නමුත් හිතාමතාම අන් අයව නොමඟ යැවීම හෝ රැවටිලිකාර ආකාරයෙන් පුද්ගලයෙකු හෝ ආයතනයක් ලෙස පෙනී සිටීම නොකරන්න.
  • 6 වන නීතිය: අන්තර්ගතයන් සහ ප්‍රජාවන්, විශේෂයෙන් රූප, ලිංගිකව පැහැදිලි හෝ අපහාසාත්මක අන්තර්ගතයන් නිසි ලෙස ලේබල් කිරීම මගින් පුද්ගලයින්ට රෙඩිට් මත පුරෝකථනය කළ හැකි අත්දැකීම් ඇති බව සහතික කරන්න.
  • 7 වන නීතිය: නීත්‍යානුකූලව කටයුතු කරන්න. නීතිවිරෝධී අන්තර්ගතයන් පළ නොකරන්න, සහ නීතිවිරෝධී හෝ තහනම් ගනුදෙනු ඉල්ලා සිටීම හෝ ඊට පහසුකම් සැලසීම නොකරන්න.
  • 8 වන නීතිය: වෙබ් අඩවිය බිඳ දැමීම හෝ රෙඩිට් හි සාමාන්‍ය භාවිතයට බාධා වන කිසිවක් නොකරන්න.

නීති ක්‍රියාත්මක කිරීම

අපගේ නීති ක්‍රියාත්මක කිරීමට අපට (reddit.com ට) විවිධ ක්‍රම ඇත, ඒවාට පහත දෑ ඇතුළත් වන නමුත් ඒවාට පමණක් සීමා නොවේ:

  • එය නවත්වන ලෙස කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටීම
  • එතරම් කාරුණික නොවන ආකාරයෙන් ඔබෙන් ඉල්ලා සිටීම
  • ගිණුම් තාවකාලිකව හෝ ස්ථිරවම අත්හිටුවීම
  • ගිණුම් වලින් වරප්‍රසාද ඉවත් කිරීම හෝ සීමා කිරීම් එකතු කිරීම
  • NSFW (රැකියාවට සුරක්ෂිත නොවන) ටැග් එකතු කිරීම හෝ නිරෝධායනය (Quarantining) වැනි සීමා කිරීම් රෙඩිට් ප්‍රජාවන්ට එකතු කිරීම
  • අන්තර්ගතය ඉවත් කිරීම
  • රෙඩිට් ප්‍රජාවන් තහනම් කිරීම

r/lankawa • • Feb 25 '26

📢 නිවේදන රෙඩිට් තුල ස්වයංක්‍රීයව සිංහල - ඉංග්‍රීසියට පරිවර්තනය වීම නවත්වන ආකාරය

Post image
19 Upvotes

මෑතක සිට සියළුම ලියවුම් “App language” වෙතට පරිවර්තනය වෙනවා. Settings -> Language and Translations වෙත ගොස් රූපයේ ආකාරයට “සිංහල” Content Languages වෙතට ඇතුල් කිරීමෙන් සිංහල ලියවිලි ස්වයංක්‍රීයව පරිවර්තනය වීම වලක්වා ගන්න පුළුවන්.

වැදගත්: සමහර අවස්ථා වල ඉහත ආකාරයට සිංහල ඇතුළත් කරත් ස්වයංක්‍රීය පරිවර්තන දිගටම සිදු වෙනවා. රූපයේ ආකාරයට "Auto Translate" ඉවත් කිරීම වඩා සාර්ථක පිළියමක්.


r/lankawa • • 18h ago

සංවාදය "පසු ප්‍රසව විශාදය = ගෑනුන්ගේ මූසලකම" කියලා තිබ්බ ෆේස්බුක් පෝස්ට් එකකට කෙනෙක් දාපු කමෙන්ට් එකක්. මේ ගැන මොකද හිතෙන්නේ?

Post image
24 Upvotes

r/lankawa • • 1d ago

සංවාදය එළකිරියෙ ඔයා ආසම slow-burn thread මොනවද?

11 Upvotes

දැන් එලකිරිය කියන්නෙ බංකොලොත් දේශපාලන සොහොනක්. ඒ උනාට ඉස්සර හොඳ දේවල් තිබ්බ. සමහර ඒව සිංහලෙන් අන්තර්ජාලගත වුන ඉතිහාසාත්මක අගයක් තියෙන දේවල්.

සමහර එලකිරි thread වල තියෙන මම ආසම දෙයක් තමයි slow burn එක. ඒ කියන්නෙ thread එකක් අතීතේ ඉඳන් වර්තමානෙට (මුල ඉඳන් අගට) කියවගෙන එද්දි කතාව හිතන්නෙ නැති පැත්තකට යනව. හැබැයි මේක තේරෙන්නෙ thread එක මුල ඉඳන් අගට වෙලාව අරන් කියෙව්වොත් විතරයි. රෙඩිට් එක වගෙ නෙවෙයි comments පෙන්නන්නෙ දාපු වෙලාවෙන් sort වෙලානෙ.

සමහර threads කාලයට ගැලපෙන විදියට උඩට ගන්න නිසත් ආතල් පස්සෙ කියවන කෙනාට

මේ මම ආස slow burn ඒව කිහිපයක්:

  1. My red bitch
  2. බ්‍රෑන්ඩින් කේස් ස්ටඩි (ඉන්ද්‍රජිත්)
  3. ඉන්ද්‍රජිත් දෙවෙනි පාරට කැම්පස් යන්න පටන් ගන්නව කියල දාපු thread එක
  4. මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....
  5. අලුත් කථානායක | කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල

Spoilers දාන්නෙ නැතුව මේ වගෙ තව දන්න threads දාන්න බලන්න


r/lankawa • • 1d ago

සංවාදය යාපනේ මාතර ඇඹුල අයින් කරන්න තියෙන හදිස්සියෙන් දශමයක්වත් අකුරණ මේ ඇළ දිගට තියෙන අනවසර ඉදිකිරීම් ඉවත් කරන්නත් තිබුණනම් හොඳ නැද්ද? පොඩි වැස්සටත් A9 පාර හැමදාම යටවෙනවලු.

Thumbnail
gallery
36 Upvotes

r/lankawa • • 1d ago

පාර්ලිමේන්තුවෙ කතා...

1 Upvotes

මේ රට යන්නේකොයිබටද...

https://www.facebook.com/share/v/1GZ3UUARjh/


r/lankawa • • 2d ago

ප්‍රශ්න මේ වගෙ coffee maker එකකට ලංකාවෙන් filter coffee ගන්නෙ කොහෙන්ද?

Thumbnail
gallery
5 Upvotes

r/lankawa • • 4d ago

සංස්කෘතික සිංහල ප්‍රවෘත්තිය අඩුකුලේ විදියට ලියල ඒකම ඉංග්‍රීසියෙන් ලියද්දි වැදගත් විදියට ලියන්නෙ ඇයි?

Thumbnail
gallery
103 Upvotes

මෙතන ඉංග්‍රීසියෙන් ලියන එකත් ලියන්න පුළුවන්නෙ ඒ සිංහල එක ලියපු අඩුකුලේ රසටම:

“whites pour into the south, kicking off the surfing season”

නැත්තන් තව ටිකක් අඩුකුලේ:

“white madams and sirs arrive into the south, kicking off the surfing season”

එහෙමත් නැත්තන් ඉතින් සිංහල එක ලියන්න තිබ්බ ඉංග්‍රීසි එක ලියල තියෙන විදියට:

“Surfing සමය ආරම්භ කරමින් දකුණේ වෙරළ සංචාරකයන්ගෙන් පිරෙන්නට පටන් ගනී”

ඇයි මේ වෙනස?


r/lankawa • • 8d ago

බස් රියදුරන්ට බුද්ධි පරීක්ෂණයක් අනිවාර්ය කරනු!

102 Upvotes

r/lankawa • • 9d ago

ඒ පාර විදුලිබල මණ්ඩලයත් :(

Post image
43 Upvotes

r/lankawa • • 10d ago

දේශපාලනය ආණ්ඩුව කියන දේ කරනවද? කරන දේ කියනව ද?

Thumbnail
gallery
34 Upvotes

මේ තියෙන්නේ 2017-2025 අයවැය ව්‍යාපෘති වල විවෘතභාවයේ ප්‍රතිශතය සහ පොරොන්දු සම්පූර්ණ කිරීමේ ප්‍රතිශතය.

මේව බැලුවම ඉතින් මේ දෙපැත්තෙන්ම හොඳම ආණ්ඩුව මොකද්ද කියන එක පැහැදිලියි. මුන් පරිපූර්ණ නෑ තමයි. හැබැයි උත්තරේ කලින් හිටපු උන් නෙවෙයි. අනුර කියනව වගේ මුන්ට වඩා හොඳ දේශපාලන සංස්කෘතියක් එනවා නම් ඒක තමයි ඊළඟට බලය ගන්න ඕනේ - මිසක් කලින් හිටපු උන් නම් නෙවෙයි.

බලන්නේ හිරුයි දෙරණයි විතරයි නම් මේක තේරෙන්නෙ නැති වෙයි. වැඩිය හිතන්න මහන්සි වෙන්න එපා :)

තව බලන්න මෙතනින්: https://dashboards.publicfinance.lk/budget-promises/sh/


r/lankawa • • 11d ago

සංස්කෘතික පොලීසියේ ඇඳුම වෙනස් කරන්න යන සල්ලි වලින් බඩ අඩු කරන වැඩසටහනක් කරා නම් හොඳ නැද්ද?

Post image
177 Upvotes

ව්‍යායාම, හොඳ කෑම වගෙ දේවල් පොලිසියට දුන්නොත් හොඳ නැද්ද?


r/lankawa • • 10d ago

හොදම ක්‍රියේටීන් එක මොකක්ද

4 Upvotes

ලංකාවෙ ගන්න තියෙන හොදම සහ මිල සාපේක්ෂව අඩු ක්‍රියේටීන් එක මොකක්ද


r/lankawa • • 10d ago

විවිධ අලුතින් නිවේදනය කරන ලද ADHD ඖෂධ පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයින්ගේ ලැයිස්තුවක් සම්පාදනය කිරීම

6 Upvotes

මම මේක ලියන්න දවස් ගණන් කල් දැම්මා (procrastinate කළා). මට මීට දශකයකට වඩා වැඩි කාලයකට පෙර OCD රෝග විනිශ්චය කර ඇති අතර, මීට වසර 4 කට පෙර ADHD සඳහා ද රෝග විනිශ්චය කර ඇත. මම කාංසාව (anxiety) සහ අවපීඩනය (depression) සමඟ අරගල කර ඇත්තෙමි. මම සහ මගේ මනෝ වෛද්‍යවරයා විවිධ මාත්‍රා සහ සංයෝජන යටතේ අනුමත ඖෂධ බොහෝමයක් අත්හදා බැලුවෙමු; ඒවා යම් යම් දියුණු කිරීම් ඇති කළ නමුත් කරදරකාරී අතුරු ආබාධ තිබුණි. විශේෂයෙන්ම Methylphenidate (MPH) IR (Immediate Release) මගේ කාංසාව තවත් නරක අතට හැරවූ අතර එය අවපීඩනයට හේතු විය.

MPH IR වල ඇති වන (විටින් විට ඇති වන බලපෑම අඩුවීමේදී සිදුවන) හදිසි අපහසුතා (Crashes) මඟින් කාංසාව තවත් නරක අතට හැරී, අවපීඩනයට (depression) හේතු විය හැකි බව දන්නා කරුණකි. MPH සොයා ගැනීම පවා අමාරුය, මගේ මනෝ වෛද්‍යවරයා මට පැවසුවේ MPH ආනයනය කරන Sun Pharma සමාගම අලෙවියක් නොමැතිකම නිසා ආනයනය කිරීම නවත්වා ඇති බවයි, නමුත් බොහෝ ද එය සොයා ගැනීමට වෙහෙසෙන බව මම දනිමි. මෙ දිනවල Baurs හරහා එය ලබා ගත හැකි බව අසා ඇත.

මම මනෝ වෛද්‍යවරයාගෙන් NMRA පෝරමයට අත්සන් කරන ලෙස වසර හතරකට ආසන්න කාලයක් ඉල්ලා සිටියද, නිලධාරීවාදය (bureaucracy) නිසා එය මගහැරී ගියේය, නමුත් පසුගිය 2026 පෙබරවාරි මාසයේදී වෙනත් උත්තේජක පන්තියේ (stimulant class) ඖෂධ ලියාපදිංචි කිරීම සඳහා කැඳවන ලදී. නිවේදනය NMRA වෙබ් අඩවියේ පළ කර ඇත, එය පහත දැක්වේ.

To All Importers and Local Manufacturers in Sri Lanka on Acceptance of Registration Applications for Extended Release Formulations of Methylphenidate and Other Related Medicines. The National Medicines Regulatory Authority hereby informs all medicine importers and local manufacturers in Sri Lanka that registration applications are accepted for the extended release formulations of Methylphenidate, Lisdexamfetamine and other related stimulant medicines used in the management of Attention Deficit Hyperactivity Disorder (ADHD).

නමුත් මාස ගණනක් ගත වී ඇතත් මෙම ඖෂධ ආනයනය කිරීමට කිසිදු සමාගමක් ලියාපදිංචි වී නැත. නිවේදනයෙන් පසු මාස 9 ක පමණ කාලයක් බලා සිටීමෙන් පසු, වෛද්‍යවරයා Lisdexamfetamine ආනයනය කිරීම සඳහා NMRA පෝරමයට අත්සන් තැබූ අතර, දැනට NMRA අනුමැතිය අපේක්ෂාවෙන් සිටී. ඔබ දන්නා පරිදි මෙම ක්‍රියාවලිය කාලය ගතවන මෙන්ම මිල අධික වන්නේ අපට බලපත්‍ර අනුමැතිය සඳහා බලා සිටීමට සිදු වන බැවිනි, ඉන්පසු තනි පුද්ගල ආනයනය සඳහා ගෙවිය යුතුය. එබැවින් මාස කිහිපයකට පෙර මම Lisdexamfetamine වැනි අනෙකුත් ADHD ඖෂධ කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයින්ගේ ලැයිස්තුවක් සම්පාදනය කිරීම සඳහා පෝරමයක් නිර්මාණය කළෙමි, සමහරු දැනටමත් එය පුරවා ඇතත් එම ප්‍රමාණය සමාගමකින් එය ආනයනය කිරීමට ඉල්פן කිරීමට ප්‍රමාණවත් නොවේ. එබැවින් ඔබට ADHD තිබේ නම් සහ දැනට ලබා ගත හැකි ඖෂධ ඔබට වැඩ කරන්නේ නැත්නම්, කරුණාකර මෙම පෝරමය පුරවන්න. මම මෙම දත්ත මගේ වාසිය සඳහා භාවිතා නොකරමි, මෙය සමාන තත්ත්වයක සිටින අප සැමගේ යහපත සඳහා පමණි. මමත් ඔබ මෙන් ADHD ඇත්තෙක් වන අතර, අරගලය කොතරම් දැඩිද යන්න මම පෞද්ගලිකව දනිමි. එබැවින් අප සැමට ප්‍රයෝජනවත් වන මෙම පෝරමය පුරවන ලෙස මම ඉල්ලා සිටිමි. පහත දැක්වෙන්නේ පෝරමයේ සබැඳියයි.

පෝරමය: https://forms.gle/xxAy2A5RXKcnxnHt5

ඔබට Reddit හරහා (https://www.reddit.com/user/nerdy_adventurer/) හෝ Telegram හි kawpie යන පරිශීලක නාමය (handle) හරහා මාව සම්බන්ධ කර ගත හැකිය. මානසික සෞඛ්‍යය පිළිබඳ උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මම subreddit එකක් ද (https://www.reddit.com/r/MentalHealthSL) නිර්මාණය කර ඇති අතර, මගේ ඖෂධ අනුමැතිය පිළිබඳ නවතම තොරතුරු එහි බෙදා ගන්නෙමි. අවාසනාවකට මම Facebook හෝ Instagram භාවිතා නොකරන්නේ එම සංස්කෘතියට මා එතරම් කැමැත්තක් නොදක්වන බැවිනි


r/lankawa • • 11d ago

දේශපාලනය කයිය නම් කයිය

Post image
25 Upvotes

r/lankawa • • 11d ago

රතු නායකයින් කවදා හෝ රාජ්‍ය බලය ලැබුණොත් හැසිරෙන ආකාරය ගැන ලී ක්වාන් යූ මෙසේ ලියයි.

13 Upvotes

"වාමාංශික නායකයෝ කොමියුනිස්ට් විප්ලවීය මාර්ග ගැන බලාපොරොත්තු අත්හළ පසු තමා කැපකළ කාලය පිරිමසා ගැනීමට අධික තෘෂ්ණාවෙන් කටයුතු කරති. ඒ තම දිවියේ හොඳම කාලය අපතේ ගොස් ඇති බව තේරුම් ගන්නා නිසාය. මම මෙය පසු කලෙක චීනයේ හා වියට්නාමයේ නිරීක්ෂණය කළෙමි. කොමියුනිස්ට් විප්ලවය යුටෝපියාව උදා නොකරන බව වටහා ගත් පසු හා ආර්ථිකය වෙළෙඳපොල ක්‍රමයට නැඹුරු වූ පසු බලපත්‍ර නිකුතුවට හා භාණ්ඩ සේවා බෙදා හැරීමට බලතල ලත් පරණ කාඩර්වරු අතිශයින් දූෂිත ලෙස මහජනතාව හූරා කෑමට පෙළඹුණි."

When they abandoned communism, they often became extremely avaricious to make up for lost time. They seemed to feel that they had been robbed of the best years of their lives and had to make up for what they had missed. It was a preview of what I was to later see in China and Vietnam. When the revolution did not deliver utopia and the economy reverted to the free market, cadres, with the power to issue licenses or with access to goods and services at official prices, were the first to be corrupt and exploit the masses.

Hard Truths to Keep Singapore Going authored by Lee Kuan Yew


r/lankawa • • 12d ago

හොද A/C එකක් තෝරගන්න ඕන

6 Upvotes

Energy Saving

Repairs

අඩු AC Brand එක මොකක්ද

LG

Gree

Daikin

Panasonic

මේ තුන & ඔයාල Reccomanded කරන වෙන brands


r/lankawa • • 13d ago

සංවාදය r/DevLK එකේ මේ comments දකිනකන් මම හිතන් හිටියෙ ලංකාවෙ IT ඉගෙන ගත්ත උන්ට තමන්ගෙ field එකේ දේවල් ගැනවත් අවබෝධයක් ඇති කියල

Thumbnail
gallery
40 Upvotes

මේ comments/upvotes හිරු/දෙරණ facebook එකේ වැටුන නම් කමක් නෑ. ඒත් කණගාටුදායක දේ තමයි මේ ඉන්නෙ ලංකාවෙ software developers ල :(

මුන් මෙතන සීරියස්ද? මුන් හිතන් ඉන්නෙ මේක Mobile app එකක front end එකයි firestore වගෙ database එකකුයි ගැහුවම වැඩේ ඉවරයි කියලද?

දෙරණෙන් බයියො තෙත් කරන්න ගහන සිරස්තලයක් ගැන පොඩ්ඩක් ඔලුව කල්පනා කරන්න බැරිද මේ බයි developersලට?

බිලියන මිලියන 1000 මොකටද වැය වෙන්නෙ කියන එක අනිවාර්යයෙන් එලියට දායි. නමුත් දන්නෙ නැති උන්ට කියන්නෙ මේක claude ට දීල app එකක් හදන්න කියල කරන්න බෑ.

අන්තිමට දැම්ම පින්තූරෙ තියෙන්නෙ දෙරණෙම ගිය news එකක ඔය ගැන තිබ්බ එකක් , මේ වගෙ වැඩක පරිමාණය තේරුම් ගන්න දාන්නෙ. මේක developer කෙනෙක් විදියට තේරුම් ගන්න බෑ කියන්නෙ ඉතින් skill issue තමයි :(

——

https://sinhala.adaderana.lk/news/254668

(බයි දෙරණ මේක දාල තියෙන්නෙ gemini ගෙන් copy/paste කරල , ඒක වෙනම කතාවක් 😂)

තාක්ෂණික ක්‍රමවේදය සහ සංකීර්ණ පසුබිම

සාගරයේ මත්ස්‍ය කලාප අනුමාන කිරීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන ක්‍රමවේද රාශියක් දායක කරගන්නා බව රණවක මහතා පෙන්වා දෙයි.

චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය - සාගර ජල මතුපිට උෂ්ණත්වය (Sea Surface Temperature - SST) සහ හරිතප්‍රද සාන්ද්‍රණය (Chlorophyll Concentration) හරහා කුඩා මසුන් සහ ඒවා ආහාරයට ගැනීමට පැමිණෙන විශාල මත්ස්‍යයන් සිටිය හැකි කලාප අනුමාන කළ හැකිය.

සාගර දියවැල් සහ රළ උස - සාගර දියවැල් (Ocean Currents) සහ මතුපිට රළ උස (Wave Height) විශ්ලේෂණයෙන් මත්ස්‍ය ගහන ප්‍රදේශ මෙන්ම ඔවුන්ගේ සංක්‍රමණ රටා (Migratory Patterns)ද පුරෝකථනය කළ හැක.

රාත්‍රී කාලීන චන්ද්‍රිකා ඡායාරූප (VIIRS) - රාත්‍රී කාලයේ මුහුදේ ක්‍රියාත්මක වන ධීවර යාත්‍රා පවතින ප්‍රදේශ නිරීක්ෂණය කරමින් මත්ස්‍ය ක්‍රියාකාරකම් වැඩි ප්‍රදේශ හඳුනාගත හැක.

යාත්‍රා නිරීක්ෂණ පද්ධති- VMS (Vessel Monitoring Systems) සහ AIS (Automatic Identification System) මඟින් යාත්‍රාවල ගමන් මාර්ග නිරීක්ෂණය කරමින් යාත්‍රා පොකුරු පවතින ප්‍රදේශ ධීවරයන් වෙත සන්නිවේදනය කිරීම වඩාත් ප්‍රායෝගික හා ලාභදායී ක්‍රමයකි.

මෙම ක්‍රියාවලිය ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA), ධීවර දෙපාර්තමේන්තුව (VMS), නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන ඒකාබද්ධ කරමින් සිදුකළ යුතු සංකීර්ණ සහ අධික පිරිවැයක් දරන ක්‍රියාවලියක් බව හෙතෙම පෙන්වා දෙයි.


r/lankawa • • 13d ago

ප්‍රශ්න දැන් ජිම් වලට එන පොඩි කෙල්ලොත් බර දාල ගහනවනේ බන්

21 Upvotes

80/90 ගණන් වල නාකි කුකුළොන්ට වඩා දැන් සමහර ඉස්කෝලේ යන පොඩි කෙල්ලො බර දාල ගහනව. මුන් මොනවද කන්නෙ? රටේ අනාගතය ගැන සතුටුයි. නාකියො ගැන දුකයි.
අපි පොඩි කාලේ සමහර කොල්ලොන්ටවත් ජිම් යන්ඩ දුන්නෙ නෑ හරියට එක එකාගේ බයිල නිසා


r/lankawa • • 15d ago

ප්‍රවෘත්ති කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්: මානසික සහ මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට යොමු කරන්නැයි අධිකරණයෙන් නියෝග

Thumbnail
bbc.com
8 Upvotes

r/lankawa • • 14d ago

සංවාදය රෑට කොලෙස්ටරෝල් පෙත්ත බීලා

0 Upvotes

ඇඳට ගිහින් 2005 නංගි කෙනෙක්ට text කරනව කියන්නෙත් අමුතුම ෆීලින්ග් එකක් නේද බන්?


r/lankawa • • 15d ago

ප්‍රවෘත්ති ඉල් මහා විරු සැමරුම ජනාධිපති ප්‍රධානයෙන් ඊයේ එනම් දහතුන් වන දින පැවතුනේය.

Post image
0 Upvotes

r/lankawa • • 17d ago

දේශපාලනය 2027 අයවැය අද පාර්ලිමේන්තුවට

Thumbnail
bbc.com
5 Upvotes